FAST NEWS

24×7 Around the Globe

STF ආරක්ෂාව දෙන බුස්සේ විශේෂ බන්ධනාගාරය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිත විශේෂ බන්ධනාගාරය අද (25) සිට ක්‍රියාත්මක කෙරේ.

මෙම විශේෂ බන්ධනාගාරය බූස්ස බන්ධනාගාරය තුළ පිහිටා ඇත.

එහි ප්‍රධාන පෙලේ පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විශේෂ ගණයේ සැකකරුවන්ගේ රඳවා තැබීමට නියමිතයි.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට පත්කර ඇති අතර තවත් 100 කට අධික පිරිසක් වැලිකඩ සහ වෙනත් ස්ථානවල සිට එහි යැවීමට නියමිතය.

මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක් සකස්කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන අමුත්තන් , නිලධාරීන් හා රැඳවියන් පරීක්ෂා කිරීම සිදුවේ

CCTV කැමරා සහ තවත් නවීන ආරක්ෂක උපාංග ද එහි සවිකර තිබේ.