FAST NEWS

24×7 Around the Globe

විදේශීය දුම්වැටි තෝගයක් කටුනායක දී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කටුනායක) – කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තෝගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රීයේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදී විදේශීය දුම්වැටි 10,200 ක් හමුවූ අතර අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කටුනායක ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.