(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා ඉදිරි මහ මැතිවරණයේදී තරඟ වදින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සන්ධානය යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.
සජිත් ප්‍රේමදාස කුමන ලාංජනයක් යටතේ තරඟ වැදුනද තමාට එම ලාංජනය වැදගත් නොවන බව වවුනියාවේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණයට අලියා , හංසයා යන කුමන ලාංඡනයක් යටතේ සජිත් ප්‍රේමදාස එක්වුවද තමා ඔහුට පූර්ණ සහය පළ කරමින් වවුනියාව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.









