FAST NEWS

24×7 Around the Globe

හෙට ප්‍රදේශ කීපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (26) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවල ජා-ඇල, ඒකල කඳාන, ආනියාකන්ද, තුඩැල්ල, මාඑළිය, කෙරවලපිටිය , මාටාගොඩ, මාබෝල, මහබාගේ, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි.