FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පලිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.