FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 6 කට අදාළව නායයෑම් අවදානම් ප්‍රකාශයට පත් කරයි.

ඉදිරි පැය 24 තුළ ක්‍රියාත්මක වන පරිදි යළිත් දිස්ත්‍රික්ක 6 කට අදාළව නායයෑම් අවදානම් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය සඳහන් කළේ බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට ප්‍රදේශවලට අදාළව මෙම අවදානම් තත්ත්වය පවතින බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, හපුතලේ, පස්සර, සොරණාතොට, ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අවදානම් මතුව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලූ ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලටත් එය බලපැවැත්වෙනු ඇත. ගාල්ල, දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, කඩවත්සතර, යක්කලමුල්ල, නියාගම, නාගොඩ සහ හබරාදූව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අවදානම් මතුව ඇති බව ගොඩනැගිලි පර්යේණ සංවිධානය කියා සිටියේය.

මාතර දිස්ත්‍රික්කයේ අවදානම් පවතින ප්‍රදේශවන්නේ කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, වැලිගම, පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයි.

වළස්මුල්ල සහ කටුවන යන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටද නායයෑම් අවදානම පවතින බව සඳහන්ය.