FAST NEWS

24×7 Around the Globe

කරන්නාගොඩට 4 වන වතාවටත් සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද්මිරාල් ඔෆ්ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩට 4 වන වතාවටත් ආරක්ෂක ලේකම්වරයා හරහා කොළඹ ත්‍රිපුද්ල මහාධිකරණය විසින් අද (24) සිතාසි නිකුත් කළේය.

ඒ නියමිත දිනයට අධිරකණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අදාළ සිතාසිය කරන්නාගොඩගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියෙකුට භාර දෙන ලෙසත් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අදාල සිතාසියේ පිටපතක් අලවන ලෙසත් චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

2008 සහ 2009 කාලසීමාවේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා 662ක් යටතේ පවරා ඇති නඩුවේ දාහතරවන විත්තිකරු ලෙස වසන්ත කරන්නාගොඩව නම් කර තිබේ.