FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂාව පිළිබඳව සකස් කර ඇති අවසන් වාර්තාව රැගෙන යන ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පෙරවරුවේ ඒ පිළිබඳව අධිකරණයට ලිපියකින් දැනුම් දුන් බවයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඔහුගේ දුරකථන හඬපටවලට අදාළව කටහඬ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවේය.