FAST NEWS

24×7 Around the Globe

කොළඹ සරසවිය මතින් තොර කලාපයක් බවට පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය අවධාරණය කළාය. 

මහාචාර්යවරිය මේ පිළිබඳව කියා සිටියේ දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු ද්වාරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

“කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළා. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් , දුම්කොළ මේ කිසිවක් නොමැති කලාපයක් කළා. පාලක සභාවේ අනුමැතිය එයට ලැබුණා. විශ්වවිද්‍යාලයේ සියලුම කොටස්වලට එය දැනුම්දීලා තිබෙනවා. මත් සටන පරාජය කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් බැහැ. ඒ සඳහා අපි සියලුදෙනා එකතුවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උත්සව අවස්ථාවකට, දුම්කොළ සමාගම අන්‍රගහය දක්වමින් ලබාදුන් චෙක් පතක් පවා කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කළා. මම ඒ ගැන බොහාම සතුටු වෙනවා.” යැයි ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.