FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ඇරඹීමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වේ.

මෙම අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24) පස්වරුවේ අත්සන් කෙරේ.