FAST NEWS

24×7 Around the Globe

ජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය අද (24) ආරම්භ වීමට නියමිතය. 

මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

මාර්තු 20 වනදා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත අතර , එම කරුණු දැක්වීම මේ මස 27 වනදා සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ සඳහන් කළේය.