FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියාවේ සිට පැමිණි මගීන්ව කටුනායකදී විශේෂ පරීක්ෂාවකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියාවේ සිට සහ චීනයේ ෂැංහයි සිට ගුවන් යානා දෙකකින් පැමිණි මගීන්ව දින 14 ක කාලයක් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් තොටුපලේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ දකුණු කොරියාවේ සිට ඊයේ පස්වරු 6.04 ට පැමිණි කොරියන් ගුවන් සේවයට අයත් යානයක සිටි මගීන් 267 දෙනෙකු සහ ෂැංහයි සිට රාත්‍රියේ පැමිණි යානයේ සිටි මගීන් 128 දෙනෙකු මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක් කළ බවයි.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.