FAST NEWS

24×7 Around the Globe

පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීමට ඉන්දියාවේ සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය – පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමට සැළසුම් කෙරේ.

ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ යාපනය පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඇති බවයී.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ අනුව එම ආධාර මගින් සැහැල්ලූ ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදනය, අපජලය ප්‍රවාහනය කිරීමේ පද්ධතිය යන අංශ සකස් කිරීමටයි යෝජනා වී තිබේ.