FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට – කොළඹ අතර අධිවේගයේ මගී බස් රථ සේවාව හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට(24) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට(24) දිනයේ සිට මගීන්ට හම්බන්තොට සිට දක්ෂිණ අධීවේගී මාර්ගයෙන් සිය ගමනාගමන පහසුකම් සලසා ගත හැක.

මේ අතර අද දිනයේ විවෘත කෙරෙන මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ සිට කටුනායක ගුවන්තොටුපල සහ කඩවත දක්වා බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත සුඛෝපභෝගී බස් රථ 10ක් යෙදවීමට නියමිත
අතර අදාළ බස් රථ අම්බලන්තොට, තංගල්ල සහ හම්බන්තොට සිටකටුනායක සහ කඩවත දක්වා ධාවනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 880ක් වන අතර තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 680ක් වේ.

හම්බන්තොට සිට කොට්ටාව මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා රුපියල් 610ක ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ද
අය කෙරුණු ඇත.