FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර ජනපති අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර වන මාතර – ගොඩගම සිට බරවකුඹුක දක්වා වන කිලෝමීටර් 96ක කොටස අද විවෘත කෙරේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කරන ආකාරය මෙසේය.

සැහැල්ලූ වාහන සඳහා හම්බන්තොට සිට කටුනායක දක්වා රුපියල් 1000ක මුදලක් අය කරන අතර මත්තල සිට කටුනායක දක්වා සහ පෑලියගොඩ සිට හම්බන්තොට දක්වා ගාස්තුව රුපියල් 950ක් බව මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

එසේම මත්තල සිට කොට්ටාව දක්වා ගාස්තුව රුපියල් 750ක් වන අතර, හම්බන්තොට සිට කඩවත දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 900ක් වේ.

කඩුවෙල සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරියේ සිට හම්බන්තොට දක්වා රුපියල් 850ක ගාස්තුවක් අය කෙරෙන අතර, කොට්ටාව සිට හම්බන්තොට දක්වා රුපියල් 800ක් අය කෙරෙනු ඇත.

මාතර – ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400ක ගාස්තුවක් පනවා ඇති අතර, ගාල්ල – පින්නදූව සිට හම්බන්තොට දක්වා රුපියල් 500ක ගාස්තුවක් නියම කර ඇති අතර පින්නදූව සිට මත්තලට අය කෙරෙන ගාස්තුව රුපියල් 450ක් බව බවයි මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය දැනුම් දෙයි.