FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් රහස් පොලීසියට නොතීසි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුධ හමුදා නිලධාරින් 04 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණ අද අවසර ලබා දී තිබේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පවසා ඇත්තේ එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල් සිරිවර්ධන, සැරයන් ප්‍රියන්ත කුමාර, කෝප්‍රල් අනුර ජයලාල් ඇතුළු සිව්දෙනෙක් රහස් පොලීසිය මගින් සාධාරණ හේතුවක් නැතිව රඳවාගෙන සිටින බවයි.‍

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට අවසර දුන්නේය.

ඒ අනුව අදාළ නඩු විභාගය සදහා ලබන මස 9 වැනිදාට කරුණු දක්වන ලෙස දන්වා රහස් පොලීසියට නොතීසි නිකුත් කළ බව සදහන්.