FAST NEWS

24×7 Around the Globe

ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණය විසින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දුන්නේය.