FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (20) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබු ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවේ 2015 වසරේ ජනවාරි 8 වනදා සිට පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යන මහත්වරුන් එම කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දී තිබේ.