FAST NEWS

24×7 Around the Globe

මාතලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේ අද (21) උදෑසන බස් රථ දෙකක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ සිට සිරිපාද වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුන ගැටී ඇති අතර එම අවස්තාවේදී පිටුපසින් පැමිණි ලොරියක්ද බස්රථවල ගැටී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් පමණ වන පිරිමි දරුවෙකි.

තුවාල ලැබූ පිරිස දඹුල්ල – මාතලේ සහ නාලන්ද රෝහල්වල ප්‍රතිකාර ලබන අතර නාවුල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.