FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වු පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදවු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.

පොලීසිය පවසන ආකාරයට පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙකුද අත්අඩංගුට ගෙන ඇත.

පොලිස් කණ්ඩායම් 3ක් විසින් පසුගිය 18 දා කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට ලැබු තොරතුරු මත කුලියාපිටිය කංකානිමුල්ල කැලයේ සොදිසි මෙහෙයුම් සිදු කර තිබුණි.

එහිදි සොදෙසි මෙහෙයුම් අතරතුර කැලයේ ස්ථාන කිහිපයක තිබි ලේ පැල්ලම් හමු වී ඇති නමුත් අදාල නිලධාරියාගේ මළ සිරුර හො වෙනත් කිසිවක් හමු වී නොමැති බව

මෙලෙස ඝාතනය වී ඇත්තේ 37හැවිරිදි කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් වන අතර ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.

මෙම පොලිස් නිලධාරියා කඩවත ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සම්බනධයක් පවතින බවත් එම කාන්තාවගේ පුතෙකු විසින් මෙම ඝාතනය සිදු කර අති බවට තොරතුරු වාර්තා වී ඇත.

පසුගිය 16වනදා සිට මෙම පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇති බව වාර්තා වේ.පසුගිය 16වනදා සිට මෙම පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇති බව වාර්තා වේ.