FAST NEWS

24×7 Around the Globe

සුනිල් අබේසිංහට විනිසුරුට වසර 16 ක සිරදඬුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වරදකරුවන් වූ දෙදෙනාට රුපියල් 25000 ක දඩයක්ද නියම කෙරුණු අතර අල්ලස් ගත් රුපියල් ලක්ෂ 3 ක මුදල දන්ඩණයක් ලෙස අයකර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.