FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) පෙරවරු 08.00 සිට හෙට (21) අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ජා ඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ කැළණි ගග දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ ජල නල වැඩිදියුණු කිරීම හේතුවෙන්.

මෙම ජල කප්පාදුව ජා ඇල, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය යන ප්‍රදේශ සදහාද බලාත්මක වෙයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ අද (20) මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම හා බෝපිටිය ප්‍රදේශ සදහාද පෙරවරු 08.00 සිට මෙම ජල කප්පදුව බලාත්මක වන බවයි