FAST NEWS

24×7 Around the Globe

මැදවච්චිය වැවේ දිය නෑ ළමුන් සිව් දෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් හත්දෙනෙකු දියේ ගිලී  තිබේ.

මෙලෙස අනතුරටපත්ව ඇත්තේ ගෝමරන්කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (19) සවස 6.30 පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

එයින් තිදෙනෙකු බේරා ගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මිය ගොස් ඇත.

ගෝමරන්කඩවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.