FAST NEWS

24×7 Around the Globe

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව නවතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියළු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ. 

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු ස්ථාන මාරු සිදු නොකරන ලෙස විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.