FAST NEWS

24×7 Around the Globe

රත්ගම ඝාතනයේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2011 වසරේ රත්ගම ප්‍රදේශයේදී 30 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට ගාල්ල මහාධිකරණය අද (18) මරණ දඬුවම නියම කර තිබේ.

රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.