(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොරණ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනකු ප්‍රසිද්ධියේ ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.
ඒ හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දෙනෝ දහසක් දෙනා බලා සිටියදීය.
මෙම ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් දෙදෙනාම හොරණ පොලිසියට පැමිණිලි කර ඇත.
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග සංවර්ධනයට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (17දා) හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමට සහභාගි වූ සහන් විපුලජීව මන්ත්‍රිවරයා හා කමල් රෝහිත මන්ත්‍රිවරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර එය නිම වී පිටතට පැමිණීමෙන් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
දෙදෙනාගෙන් සහන් විපුලජීව මන්ත්‍රිවරයා අධිකරණ වෛද්‍ය පෝරමයක් පොලිසියෙන් ලබාගෙන තිබුණද ඔහු මෙතෙක් රෝහල්ගත වී නැත.
හොරණ පොලිසිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.








