FAST NEWS

24×7 Around the Globe

වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 06 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි. 

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට සහ සමට බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු සඳහන් කළේය.

එමෙන්ම , පෙරවරු 10.00 ත් – පස්වරු 03.00 ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් පැවසීය.