FAST NEWS

24×7 Around the Globe

මතට ඇබ්බැහිවූ සිසුන් දෙලක්‍ෂ තිස් දහසක් කොළඹ පාසැල්වල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් හෙරොයින්, ගංජා, මත්පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුළු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිතව සිදුවන වැරැදි පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුවය.

මේ අනුව පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමටත් ඒ සඳහා සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියකු යෙදවීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම්දීමට 0777128128  යන ක්ෂණික දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇත.