FAST NEWS

24×7 Around the Globe

ජනපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි භාර ගැනීමේ කාලය හෙටින් (20) අවසන් වෙයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම සිදු නොකරන බවයි.

මේ වන විට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණිලි 305 ක් ලැබී තිබෙන අතර අදාල පැමිණිලි සම්බන්ධයෙන් වන මූලික පරීක්ෂණ කටයුතු ජනපති කොමිසමේ ‍පොලිස් ඒකකය මගින් සිදු කරයි.

අනතුරුව එහි සාක්ෂි විභාග කිරීමේ කටයුතු කොමිසම මගින් සිදු කරනු ඇත.