FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළඳුනු චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් අද(19) පෙරවරුවේ රෝහලෙන් නික්ම යාමට සුදානම් බව වාර්තාවේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අද පෙරවරුවේ රෝහලෙන් පිටව ඇය කටුනායක ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව යන බවයි.

මේ අතර ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2008ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම රෝගයට ගොදුරුවූ සංඛ්‍යාව 75,176ක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.