FAST NEWS

24×7 Around the Globe

අර්ධ සුඛෝපබෝගී බස්වල සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රිකාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අර්ධ සුඛෝපබෝගී බස් සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ගැනීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 

අර්ධ සුඛෝපබෝගී බස්රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම බස් රථ සේවාව මහජන හිතකාමී නොවන බැවින් එය අහෝසි කළ යුතු බවයි.

අර්ධ සුඛෝපබෝගී බස් රථ 437ක් ධාවනයේ යෙදෙන බැවින් එම බස් සේවාව එකවර අහෝසි කිරීම වෙනුවට විකල්ප හඳුන්වාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති අතර , ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ගැනීමෙන් පසු අදාල තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.