FAST NEWS

24×7 Around the Globe

රංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට දී ඇති හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කථානායක කරූ ජයසූරිය තීරණය කර ඇති බව සභාව ආරම්භයේ දී සඳහන් කළේය. 

සභාව ආරම්භයේදී කථානායකවරයා කියා සිටියේ අදාළ හඩපට සම්බන්ධයෙන් විමසා බැලීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි තමා විසින් සිව් පුද්ගල කමිටුවක් පත්කල බවත් , ඒ අනුව අදාල හඩ පට සංස්කරණයෙන් පසු මන්ත්‍රීවරුන්ට දීමට තමා තීරණය කල බවත්ය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමතිවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතැමුන් මතුකල විරෝධය හමුවේ කථානායකවරයා පැවසුවේ හඩපට මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීම සම්බන්ධයෙන් සභාව තුල එකඟතාවයක් නොමැතිනම් තමා ඒ සඳහා කටයුතු නොකරන බවත්ය.