FAST NEWS

24×7 Around the Globe

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය අද (18) සහ අනිද්දා (19) පැය කිහිපයකට වසා තැබීමට නියමිතව ඇත.

එම මාර්ගය අද පස්වරු 6 සිට හෙට දින අලූයම 6 දක්වා සහ අනිද්දා හවස 6 සිට ඊට පසුදින උදෑසන 6 දක්වා මෙලෙස වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙලෙස මාර්ගය වසා තැබෙන කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද, දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.