FAST NEWS

24×7 Around the Globe

ආයතන 03 ක් අද කෝප් කමිටුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18), හෙට (19) සහ අනිද්දා (20) දින වල කොප් කමිටුවට කැඳවා තිබේ.

මිට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද COPE සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.