FAST NEWS

24×7 Around the Globe

අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් ඊයේ (17) අපවත් වී වදාළහ. 

අපවත් වන විට උන්වහන්සේ 106 වන වියේ පසුවිය.

අපවත් වී වදාල අම්පිටියේ සිරි රාහුල නාහිමියන්ගේ දේහය 19 දින දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර 19 දින පස්වරුවේ බම්බලපිටිය සිරි වජිරරාමයට වැඩම කරනු ලැබේ.

ආදාහන පූජෝත්සවය අනිද්දා (20) කොළඹ දී පැවැත්වීමට නියමිතය.