FAST NEWS

24×7 Around the Globe

හමුදාපතිවරයාට පැනවූ තහනම පදනම් විරහිතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිකුත් කර ඇති තහනම ගෝලීය ශ්‍රී ලංකා සංසදය තරයේ හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ  බව සදහන් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල කරන ලද මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පදනම් විරහිත බවයි.

ඒක පාර්ශවික සහ අත්තනෝමතික මෙම තීරණය ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර පාලනයට ඇගිලි ගැසීමක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් ලක්වැසි සියලු ජනතාවට අභය දානය ලබාදුන් රණවිරුවන් රැකගැනීම සියලුම දේශප්‍රේමීන්ගේ වකගීම සදහා ඒ සදහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේදීත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය සක්‍රීය දායක්තවය ලබාදෙන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.