FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර ඇති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි ලේකම්වරයායි.

පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වේ.

නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටින ආකාරයට මේ වනවිට නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද (17) දිනයේ ලිපිලේඛන භාර දී තිබේ.