FAST NEWS

24×7 Around the Globe

ඩයමන්ඩ් නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පවසයි.

ඔහු පැවසුවේ එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවයි.
මෙම නෞකාව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබෙන බව සඳහන්.