FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය හඳුනා ගත හැකි ඇති නවීන යන්ත්‍රයක් මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 ඇතුළු සියලු වෛරස් හඳුනාගත හැකි අති නවීන යන්ත්‍රයක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය විසිනි.

රුපියල් 8 කෝටි 20ලක්ෂයක් ඒ සඳහා  වය කර ඇති අතර මෙම යන්ත්‍රය ආනයනය කර ඇත්තේ සිංගප්පූරුවෙනි.

එම යන්ත්‍රය ඩෙංගු පර්යේෂණ ඒකකයේ ස්ථාපිත කර තිබේ.

යන්ත්‍රය උපයෝගී කර ගනිමින් ඉක්මනින්ම පර්‌යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.