FAST NEWS

24×7 Around the Globe

දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය දිනක නොදන්වා පැය 02 ක විදුලි කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ වාර්තාව හෙට (18) හෝ අනිද්දා (19) විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. 

දිවයිනට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හමුවේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබේ.

එබැවින් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් තාප විදුලි බලාගාරවලින් සිදු කෙරෙන නිෂ්පාදනය 83 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජල විදුලි නිෂ්පාදනය 15% ක් දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.