FAST NEWS

24×7 Around the Globe

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙකු රෝහලේ

(ෆාස්ට් නිව්ස් | බලපිටිය) – අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද(17) උදෑසන 7ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 36 ක් වු සුනිල් කුමාර නැමති එක්දරු පියෙකුටය.

ඔහු බරපතළ තුවාල ලබා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු රියදුරෙකු වශයෙන් දෝහා කටාර් හි සේවය කර ඇති අතර පසුගිය ජනවාරි මස 18 වන දින ලංකාවට පැමිණ තිබේ.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙළිව නොමැතඒ සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.