FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංග නැවත රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිබේ.

ඒ පෙබරවාරි 26 දක්වාය.

ඔහු අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 14 වන දා ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදීය.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහි නඩුව කැඳවීම පස්වරු 2 තෙක් කල් දමා තිබේ.

ඒ විත්තියේ නීතීඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද අධිකරණයට පැමිණ නොසිටීම හේතුවෙන්.

—————————————————————————————————————————-

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද(17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව පසුගිය 14 වනදා අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදීයි.

දිවයිනට පැමිණීමෙන් පසු ඔහුව ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පැය කිහිපයක් ප්‍රශ්න අනතුරුව කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු එදින පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.

අධිකරණය විසින් දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර පසුව ජාත්‍යන්තර පොලීසිය වෙතද රතු නිවේදන නිකුත් කළේය.