FAST NEWS

24×7 Around the Globe

කහවත්ත ප්‍රදේශයේදී අල්ලස් ගත් පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් වැල්අඳුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ දැව ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට මොහු රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් 12,500ක මුදලක් පළමුව ලබා ගෙන ඇති බවයි.

ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවත්  සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනුතරුව ලබන 28 වන දින දක්වා රිමාන්ඩ් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.