FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිලි විභාගය හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හෙට (17) සිට පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට නියමිතයි.

2015 වසරේ සිට පසුගිය වසරේ නොවැම්බර් 16 දක්වා කාලය තුළ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බලා මාස 06ක් තුළ වාර්තාවක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල කොමිසම පත් කෙරුණි.

ඒ අනුව කොමිසම වෙත පැමිණිලි ලැබී ඇති අතර ලබන 20 වන දින දක්වා පැමිණිලි භාර ගැනීමට නියමිතව ඇත.