FAST NEWS

24×7 Around the Globe

මහින්ද – මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන අගහරුවාදා දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳ දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව ඇති බවයි.