FAST NEWS

24×7 Around the Globe

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා භාරයට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණනොතකා යාත්‍රා කර ඇති අතර , පසුව නාවික හමුදා නිළධාරීන් මෙම රත්තරන් සහිත පාර්සලය සොයා ගන්නා ලදි.

එහි රත්තරන් කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කොටි 10 කට ආසන්න වෙයි.