FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ – අග‍්‍රාමාත්‍ය රනිල්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී අනිවාර්යයෙන්ම පවත්වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ජාතික කළමනාකරණ සම්මන්ත‍්‍රණයට කොළඹදී අද (29) පෙරවරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ දී නොපැවැත්වෙන බවට විවිධ පාර්ශ්ව අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටිනවා. එහෙත් එම මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සතියේදී ජපානයේ නිල සංචාරයට එක් වීමට නියමිතයි. දින 5ක කාලයක් අග‍්‍රාමාත්‍යවරයා ජපානයේ සංචාරය කරනු ඇති බවයි වාර්තා වන්නේ.