FAST NEWS

24×7 Around the Globe

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයිස් බවට සැකරෙන මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 172ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ ධීවරයින් පිරිසකට ත්‍රිකුණාමලය වරායේ සිට මුහුදු සැතපුම් 180ක පමණ නැගෙනහිර මුහුදට වන්නට පාවෙමින් තිබූ පාර්සල් තුනක් හමුව තිබේ.

පසුව එම පාර්සල් ධීවරයින් විසින් නාවික හමුදාවට  භාර දි තිබේ. නාවික හමුදාව විසින් එම පාර්සල් තංගල්ල පොලිස් සථානයට භාර දි තිබේ.