FAST NEWS

24×7 Around the Globe

නව සන්ධානය හංසයා ලකුණින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (14) සවස පැවැත්වුණු 10 ‌දෙනාගේ කමිටුවේ සාකච්ජාව සාර්ථකව අවසන් විය .

ඒ අනුව සන්ධාන සලකුණ සම්බන්ධයෙන් ‌මෙතෙක් පැවැතිි මතගැටුම නිමා කර තිබේ.

මෙහිදී  ‘හංසයා’ ලකුණ ලබා දීමට රවී කරුණානායක මහතා එකගතාව පළ ‌කොට ඇත.

මේ වනවිට ‌දෙපාර්ශ්වයේම සාමාජිකයන් ‌මෙම තීන්දුව දැනුම් දීම සදහා මැතිවරණ ‌‌මහලේකම් කාර්යාලය ‌වෙත ‌ගොස් ඇති බවද දැනගන්නට ලැබේ.

මෙම කමිටුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ‌සහ අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් සමන්විත විය. ‌

ඒ අනුව එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂය “හංසයා” ලකුණ යටතේ ඉදිරිපත්වීමට නියමිතය.