(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අද (14) අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.








